කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග (වීඩියෝ)

Thursday, 06 August 2020 - 12:28

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.
 
ඒ අනුව අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබුණු පිරිස වන්නේ

තුෂාර සංජිව විතාරණ - (නගරාධිපති)

නුවර පක්ෂගේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න (නාගරික කොමසාරිස්)

චමින්ද බණ්ඩාර අධිකාරී (නාගරික ඉංජිනේරු)

ඉලාලුඩීන් සුල්ෆිකා  (වැඩ අධිකාරී /අනවශ්‍ය ඉදිකිරීම් ඉවත්කිරීමේ නිලධාරී)

ලක්ෂ්මන් ප්‍රියන්ත (බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු)