මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 8,657 ක් - දේශපාලන ආධාරකරුවන් 82 ක් අත්අඩංගුවට

Thursday, 06 August 2020 - 13:34

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+8%2C657+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+82+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 8657 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1566 ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 7091 ක්.

එමෙන්ම ඊයේ දිනයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1053 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඉන් පැමිණිලි 288 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති අතර පැමිණිලි 765 වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.

මේ අතර, ඊයේ දිනයේදී පමණක් පොලිස් මූලස්ථානයට මැතිවරණ පැමිණිලි 72 ක් වාර්තා වී තිබෙනවා.

එහිදී දේශපාලන ආධාරකරුවන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 19 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, මෙවර මැතිවරණය සාමකාමීව සිදුවූ මැතිවරණයක් බවට හැදින්විය හැකි බවයි පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.