ලෙබනනයේ පිපිරීමට හේතුව නොසැළකිල්ල බව හෙළිවේ

Thursday, 06 August 2020 - 13:44

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පුද්ගලයන් 135 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්, 5,000 කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින්, තවත් සිය ගණනක් අතුරුදන් කරමින් බීරූට් වරාය පරිශ්‍රයේ සිදුවූ බෝම්බ පිපිරීමට හේතුව සාපරාධී නොසැළකිල්ල බව මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

විපතටට පත්වූවන් වෙනුවෙන් ලෙබනන අග්‍රාමාත්‍ය හසාන් ඩියාබ් තුන්දින ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළා.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු දේශීය රාජ්‍ය නායකයන් රැසක් තමා අමතා සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කළ බවයි.

පිපිරීමෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වූ අතර, අවතැන්වූ සංඛ්‍යාව තුන්ලක්ෂයකට අධිකයි.

මෙය  න්‍යෂ්ටික පිපිරීමක් හැරුණු කොට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම පිපිරුම ලෙසයි සැළකෙන්නේ.

මේ අතර, ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට හැත්තෑ පස් වසරක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් එම පළමු බෝම්බ ප්‍රහාරය එල්ලවූ ජපානයේ හිරෝෂිමා නගරවාසීන් මෙවර සිදුකරන අනුස්මරණ උත්සව සීමා කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories