ගාල්ලේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 7ක්

Thursday, 06 August 2020 - 17:03

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+7%E0%B6%9A%E0%B7%8A
ගාල්ල දිස්ත්‍රික්කයේ ජය හිමි කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් මන්ත්‍රී ආසන 7ක් ලබාගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමිවී නැහැ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසනවල නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්වී තිබෙනවා.

එහි ආසන 10 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුනා.

ඒ ඡන්ද 430334ක් ලබාගනිමින්.

සමගි ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 115456ක් ලැබී තිබෙනවා.

ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29963ක්.

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 18968ක් ලබාගත්තා.

අම්බලන්ගොඩ ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 39142ක් ලැබී තිබෙනවා.

සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8202ක්.

ජාතික ජනබලවේගයට ඡන්ද 2321ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත්තේ ඡන්ද 1242ක් පමණයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය ද නිකුත් කෙරුණා.

එම ආසනයේ ද පළමු ස්ථානයට පත්වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඒ ඡන්ද 42497ක් ලබා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද 8628ක් ලබාගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය ඡන්ද 2349ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1332ක් ලබාගත්තා.

ගාල්ල රත්ගම ආසනයේ ද ජය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 38904ක්.

සමගි ජන බලවේගය ඡන්ද 8596ක් ලබාගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය රත්ගම ආසනයෙන් ඡන්ද 1993ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යව 1644ක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 25850ක්.

සමගි ජන බලවේගය ඡන්ද 6105ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 1235ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත්වුනා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1224ක් ලබාගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 39857ක්.

සමගි ජන බලවේගය ඡන්ද 7511ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය කරන්දෙණීය ආසනයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1881ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1220ක් ලබාගත්තා.

බෙන්තර ඇල්පිටිය ආසනයේ පොදුජන පෙරමුණට ඡන්ද 45117ක් හිමිවුනා.

සමගි ජන බලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 10464ක්.

ජාතික ජන බලවේගය ඡන්ද 2753ක් ලබාගත්තා.

එක්සත් ජාතික පක්ෂය බෙන්තර ඇල්පිටිය ආසනයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1353ක්.

බද්දේගම ආසනයේ ද ජය හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ඡන්ද 47262ක් ලබාගත්තා.

සමගි ජන බලවේගය ඡන්ද 13247ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 2842ක් ලබාගත්තා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1574ක් ලබාගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826939ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645803ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 610052ක්.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද සියයට 70.54ක් ලැබී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්.

සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories