බදුල්ලේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

Thursday, 06 August 2020 - 19:59

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ජය හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 309538ක්.

සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 144290ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 19308ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 9163ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 625294ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 537416ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 38621ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 498795ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 45297ක් ලැබී තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 19624ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයට 3384ක් හිමිවුනා.

අපේ ජනබල පක්ෂයට ඡන්ද 2258ක් ලැබී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1355ක් හිමිවුනා.

වියලුව කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 24892ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 9425ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගයට වියලුව ආසනයෙන් ඡන්ද 1018ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 414ක්.

පස්සර මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 25854ක් ලබාගත්තා.

සමගි ජන බලවේගය ඡන්ද 16654ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයට පස්සර ආසනයෙන් ඡන්ද ලැබී ඇත්තේ 750ක්.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 660ක් හිමිවුනා.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ ද ජය හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඡන්ද 24943ක් ඔවුන් බදුල්ල ආසනයෙන් ලබාගත්තා.

සමගි ජන බලවේගය ඡන්ද 10454ක් ලබාගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය ඡන්ද 1956ක් ලබාගත් අතර අපේ ජනබල පක්ෂය ඡන්ද 612ක් හිමිකරගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට බදුල්ල ආසනයෙන් ලැබී ඇත්තේ ඡන්ද 555ක් පමණයි.

හාලිඇල කොට්ඨාශයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත්තා.

ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31039ක්.

සමගි ජන බලවේගය ඡන්ද 15447ක් ලබාගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය හාලිඇල ආසනයෙන් ඡන්ද 1688ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1168ක් ලැබී තිබෙනවා.

ඌව පරණගම ආසනයෙන් පොදුජන පෙරමුණට ඡන්ද 29713ක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට ඡන්ද 12717ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 1431ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1392ක්.

වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 33532ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 18536ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 1962ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ ඡන්ද 621ක් පමණයි.

බණ්ඩාරවෙල ආසනයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත්තේ ඡන්ද 38673ක් ලබා ගනිමින්.

සමගි ජන බලවේගය ඡන්ද 17795ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 2863ක් හිමිකරගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට බණ්ඩාරවෙල ආසනයෙන් ලැබී ඇත්තේ ඡන්ද 1182ක් පමණයි.

හපුතලේ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 27367ක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට ඡන්ද 17027ක් හිමිවී තිබෙනවා.

ජාතික ජන බලවේගයට ඡන්ද 1235ක් ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලැබුනු ඡන්ද සංඛ්‍යාව 724ක්

බදුල්ල දිස්ත්‍රික්කය් තැපැල් ඡන්දවලින් පළමු තැන හිමිවුයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔවුන් ඡන්ද 28228ක් ලබාගත්තා.

සමගි ජනබලවේගය ඡන්ද 6611ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගය ඡන්ද 3021ක් හිමිකරගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1092ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories