බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර යථා තත්ත්වයට

Thursday, 06 August 2020 - 20:33

%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර සියයට සියයකින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකින් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම විදුලිය බිද වැටීම් වාර්තා වූ බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළේ.

වැඩිම විදුලිය බිඳ වැටීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ නිරිතදිග බෑවුම්  ප්‍රදේශවලින් වන අතර, එම ප්‍රදේශයන් හි ඇතැම් ස්ථානවලට ප්‍රවේශ වීමේ ඇති දුෂ්කරතා හේතුවෙන් විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ විදුලි බිඳ වැටීම් ඇත්නම් 1987 අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර, පැවති වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබෙනවා.

නිවාස 483කට හානි සිදුව ඇති අතර, සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5 ක්.

කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට හෙට දහවල් 12 දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories