ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ

Thursday, 06 August 2020 - 20:47

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවනවා.

ඒ ප්‍රතිඵල නිකුත් වූ කොට්ඨාශ 35 න් කොට්ඨාශ 32 ක ජය තමන් සතු කර ගනිමින්.

මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල වලට අනුව දෙවන ස්ථානය සමගි ජන බලවේගයට හිමිව ඇති අතර තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ජාතික ජන බලවේගයයි.

එක්සත් ජාතික පක්ෂයට සිව්වන ස්ථානය හිමිව තිබෙනවා.

මීට පෙර පැවති මැතිවරණවලදී මෙන්ම මෙවරත් ඡන්ද ප්‍රතිඵල පළමුව ඔබ වෙත ගෙන එන බවට අප දුන් පොරොන්දුව එලෙසින්ම ඉටු කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පස්වරු 12යි 55ට හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශය ඔස්සේ පළමුව රටට ප්‍රකාශ කිරීමට හැකි වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 10යේත් මාතර දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 07ත් මොණරාගාල මැතිවරණ කොට්ඨාශ 03ත් ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර එම සියලු කොට්ඨාශ ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ගාල්ල සමස්ත ප්‍රතිඵලයට අනුව ඔවුන්ට එහි හිමිවූ සමස්ත ඡන්ද සංඛ්‍යාව හාරලක්ෂ 30,334 ක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 70.54ක්.

සමගි ජනබලවේගය ඡන්ද එක්ලක්ෂ 15,456 ක් ලබා ගත්තා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 18.93ක්.

ජාතික ජනබලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 29,963 ක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.91ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18,968 ක් එහි හිමිකරගෙන තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.11ක්.  

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රථමයෙන් නිකුත් වූ අතර, එය ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27,682 ක්.

සමගි ජනබලවේගය ඡන්ද 5,144 ක් හිමිකරගෙන ඇති අතර, ජාතික ජනබලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3,135 ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,507 ක් හිමිකර ගත්තා.  

ගාල්ල මැතිවරණ කොට්ඨාශය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ඡන්ද 27,535 ක් ලබා ගනිමින්.

සමගි ජනබලවේගය මෙහිදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 18,706 ක්.

ජාතික ජනබලවේගය ඡන්ද 4380 ක් ලබා ගනිමින් තුන්වන ස්ථානය හිමිකර ගත් අතර, ප්‍රතිඵල සටහනේ සිව්වන ස්ථානය හිමිවුණේ ඡන්ද 3930 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයටයි.

බලපිටිය මැතිවරණ කොට්ඨාශය ඡන්ද 25,850 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා.

සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6105 ක්.

ජාතික ජනබලවේගය ඡන්ද 1235 ක් ලබා ගෙන ඇති අතර, එක්සත් ජාතික පක්ෂයට බලපිටිය මැතිවරණ කොට්ඨාශයේ හිමිව ඇත්තේ ඡන්ද 1224 ක් පමණයි.

හබරාදුව මැතිවරණ කොට්ඨාශය ඡන්ද 42,497 ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තා.

ඡන්ද 8628 ක් හිමිකර ගත් සමගි ජනබලවේගය එහි දෙවන ස්ථානයට පත්වූ අතර, ජාතික ජනබලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 2349 ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1332 ක් හිමිකර ගනිමින් 4 වන ස්ථානයට පත්වුණා.

රත්ගම මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 38,904 ක් ලබා ගනිමින් එය ද ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඡන්ද 8596 ක් ලබා ගත් සමගි ජනබලවේගය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජාතික ජනබලවේගයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 1993 ක්.

එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ඡන්ද 1644 ක් පමණයි.

කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය ඡන්ද 39,857 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් අතර සමගි ජනබලවේගයට හිමිවූයේ ඡන්ද 7511 ක්.

ජාතික ජනබලවේගයට ඡන්ද 1881 ක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ඡන්ද 1220 ක් පමණයි.

බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශය ඡන්ද 45,117 ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර සමගි ජනබලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 10,464 ක් පමණයි.

ජාතික ජනබලවේගය ඡන්ද 2753 ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 1353 ක්.

අක්මීමන මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 46,093 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා.

සමගි ජනබලවේගය ඡන්ද 12,266 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4550 ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ ඡන්ද 1824 ක් පමණයි.  

හිනිදුම මැතිවරණ කොට්ඨාශය ඡන්ද 50,395 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර සමගි ජනබලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 16,587 ක්.

ජාතික ජනබලවේගය ඡන්ද 2554ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2118 ක් හිමි කර ගත්තා.

බද්දේගම මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 47,262 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

සමගි ජනබලවේගයට ඡන්ද 13,247 ක් හිමි වූ අතර ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2842 ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1574 ක් ලබාගත්තා.

මාතර සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ සමස්ත ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 52,217 ක්.

සමගි ජනබලවේගය ඡන්ද 72,740ක් ලබා ගත්තා. ජාතික ජනබලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 37,136 ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 7631 ක් හිමිකරගෙන තිබෙනවා.     

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේ ඡන්ද 20,275 ක් ලබා ගනිමින්.

සමගි ජනබලවේගය අභිබවමින් ඡන්ද 3149 ක් ලබා ගත් ජාතික ජන බලවේගයට එහි දෙවන ස්ථානය හිමිවීම විශේෂත්වයක්.

සමගි ජනබලවේගය ජන්ද 3078 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ඡන්ද 536 ක් පමණයි.

වැලිගම ඡන්ද කොට්ඨාශය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහිදී ලබාගත් ජන්ද සංඛ්‍යාව 47,663 ක්.

සමගි ජනබලවේගය ඡන්ද 12,359 ක් ලබාගත් අතර ජාතික ජනබලවේගය ඡන්ද 4668 ක් හිමිකර ගත්තා.

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 1263 ක්.

කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේ ඡන්ද 45,703 ක් ලබා ගනිමින්.

ජාතික ජනබලවේගය ඡන්ද 7512 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3749 ක්.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 614 ක් හිමි වුණා.

මාතර මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 43,260 ක් ලබා ගත්තා.

සමගි ජනබලවේගයට ඡන්ද 10,410 ක් සහ ජාතික ජනබලවේගයට ඡන්ද 7730 ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ඡන්ද 1125 ක් පමණයි.

හක්මන මැතිවරණ කොට්ඨාශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූයේ ඡන්ද 52,245 ක් ලබා ගනිමින්.

සමගි ජනබලවේගයට ඡන්ද 8701 ක් හිමි වූ අතර ජාතික ජනබලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 3777ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 936 ක් ලබා ගත්තා.

දෙණියාය මැතිවරණ කොට්ඨාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත්තේ ජන්ද 51,681 ක් ලබා ගනිමින්.

සමගි ජනබලවේගයට ඡන්ද 11,619 ක් හිමි වූ අතර ජාතික ජනබලවේගය ඡන්ද 4332 ක් ලබා ගත්තා.

එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ඡන්ද 1783 ක් පමණයි.

දෙවිනුවර මැතිවරණ කොට්ඨාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ ඡන්ද 40,143 ක් ලබා ගනිමින්.

සමගි ජනබලවේගයට ඡන්ද 9009 ක් හිමිවූ අතර ජාතික ජනබලවේගයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 4196 ක්.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ඡන්ද 517 ක් පමණයි.

ඡන්ද 51,167ක් ලබා ගනිමින් අකුරැස්ස මැතිවරණ කොට්ඨාශය ද ජයගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

සමගි ජන බලවේගය ඡන්ද 10,052ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයට එම මැතිවරණ කොට්ඨාශයේ හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 5535ක්.

එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇත්තේ ඡන්ද 857ක් පමණයි.  

තැපැල් ජන්දය ද ඇතුළුව මොණරාගල සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ සමස්ත ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 8193ක්.

සමගි ජනබලවේගය ඡන්ද 54,147ක් ලබා ගත්තා.

ජාතික ජනබලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 11,429 ක්.  එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ ඡන්ද 3494ක් පමණයි.

ඡන්ද 42,955 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිබිල මැතිවරණ කොට්ඨාශය ජය ගත්තා.

සමගි ජනබලවේගය ඡන්ද 13,458 ක් ලබා ගත් ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2480 ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1137 ක් ලබා ගත්තා.

ඡන්ද 91,593 ක් ලබා ගත් පොදුජන පෙරමුණ වැල්ලවාය මැතිවරණ කොට්ඨාශයද ජය ගත්තා. සමගි ජනබලවේගය ඡන්ද 20,087 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 4679 ක්.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1042 ක් හිමි වුණා.

ඡන්ද 58,205 ක් ලබා ගත් පොදුජන පෙරමුණ මොනරාගල මැතිවරණ කොට්ඨාශයද ජය ගත්තා.

සමගි ජනබලවේගය ඡන්ද 16,753 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 2783 ක්.

එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 867 ක් හිමි වුණා.

මේ අතර, ජන්ද 6369ක් ලබා කයිට්ස් මැතිවරණ කොට්ඨාශයේ ජය ගනු ලැබුවේ ඊපීඩීපි හෙවත් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයයි.

තමිල් අරසු පක්ෂය ඡන්ද 4412ක් ලබාගත් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරණ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඡන්ද 1376ක් ලබා ගත්තා.

නිදහස් පක්ෂයට ඡන්ද 1077ක් හිමි වූ අතර ස්වාධින කණ්ඩායම් 09 හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 525ක්.

උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී විග්නේෂවරන්ගේ තමිල් මක්කල් තේසිය කූට්ටනි පක්ෂයට එහි 06 වන ස්ථානය හිමි වූ අතර සමඟි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට 07 සහ 08 වන ස්ථාන හිමි වුණා.

ඡන්ද 7634ක් ලබාගත් තමිල් අරසු පක්ෂය යාපනය මැතිවරණ කොට්ඨාශය ජයගනු ලැබුවා.

ඊ.පී.ඩී.පී සංවිධානය ඡන්ද 5545ක් ලබා ගත් අතර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඡන්ද 4642ක් ලබාගෙන පත් වුණේ එහි තුන්වන ස්ථානයටයි.

ඡන්ද 1469 ක් ලබා ගත් නිදහස් පක්ෂය 4 වන ස්ථානයට පත්ව ඇති අතර, සමගි ජනබලවේගය ඡන්ද 805 ක් ලබා ගෙන එහි 6 වන ස්ථානයට පත්වුණා.

එක්සත් ජාතික පක්ෂයට යාපනය මැතිවරණ කොට්ඨාශයේ හිමිවුණේ 09 වන ස්ථානයයි.

වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් මැතිවරණ කොට්ඨාශය ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද 22,492 ක් ලබා ගනිමින්.

එම මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 8307 ක් ලබා ගත් ශ්‍රී පොදුජන පෙරමුණ දෙවන ස්ථානයට පත්ව ඇති අතර, සමගි ජනබලවේගය ඡන්ද 6087 ක් ලබා ගෙන තිබෙනවා.

එම මැතිවරණ කොට්ඨාශයේ සිව්වන ස්ථානයට පත්ව ඇති ඊ.පී.ඩී.පී සංවිධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3694 ක්.

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය තමිල් අරුසු පක්ෂය ජයගත්තේ ඡන්ද 4308ක් ලබා ගනිමින්.

ඡන්ද 2771ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ සමගි ජනබලවේගයට ඡන්ද 1811ක් හිමි වුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාශය ඡන්ද 29,713 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජනබලවේගය ඡන්ද 12,717 ක් ලබා ගෙන ඇති අතර ජාතික ජනබලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1431 ක්. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ඡන්ද 1392 ක් පමණයි.

ඡන්ද 33,532 ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැලිමඩ මැතිවරණ කොට්ඨාශයද ජයගනු ලැබුවා. සමගි ජනබලවේගය ඡන්ද 18,536 ක් ලබා ගෙන ඇති අතර ජාතික ජනබලවේගයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 1962 ක්. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 621 ක් හිමි වුණා.

වියලුව මැතිවරණ කොට්ඨාශය ඡන්ද 24,892 ක් ලබා ගත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර, සමගි ජන බලවේගය ඡන්ද 9425ක් හිමි කර ගත්තා. ජාතික ජන බලවේගයට ඡන්ද 1018ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 414ක්.

බදුල්ල මැතිවරණ කොට්ඨාශය ද ජයග්‍රහණය කළේ ඡන්ද 24,943 ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජන බලවේගය ඡන්ද 10,454ක් හිමි කර ගත්තා. ජාතික ජන බලවේගයට ඡන්ද 1956ක් හිමිව ඇති අතර ඡන්ද 555ක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂයට එහි පස්වන ස්ථානය හිමි වුණා.

හාලිඇල මැතිවරණ කොට්ඨාශය ඡන්ද 31, 039 ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා. සමගි ජන බලවේගය ඡන්ද 15,447ක් ලබා ගත් අතර ජාතික ජන බලවේගයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 1688ක්. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1168ක් හිමි වුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ජය ඡන්ද 33,695 ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජනබලවේගය ඡන්ද 11,237 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගය ඡන්ද 1161 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 875 ක්.

මාවනැල්ල මැතිවරණ කොට්ඨාශය ඡන්ද 38, 356ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතර සමගි ජනබලවේගය ඡන්ද 23,073 ක් ලබා ගත් අතර ජාතික ජනබලවේගය ඡන්ද 1186 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද සංඛ්‍යාව 1151ක් හිමි වුණා.

රඹුක්කන මැතිවරණ කොට්ඨාශය ඡන්ද 31,088ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. සමගි ජනබලවේගයට ඡන්ද 10,008ක් ද ජාතික ජනබලවේගය ඡන්ද 1186 ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද සංඛ්‍යාව 1151ක් හිමි වුණා.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත් වී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි ආසන 6ක් හිමිව තිබෙනවා. ඒ ඡන්ද තුන්ලක්ෂ 52,217 ක් ලබා ගනිමින්. ඡන්ද 72,740ක් ලබා ගනිමින් සමගි ජනබලවේගයට එක් ආසනයක් හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට හෝ ජාතික ජන බලවේගයට මෙම දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් හිමිවී නැහැ.  

මීට අමතරව, යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි - චාවකච්චේරි සහ නල්ලූර් මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් වී ඇති අතර, ඒවායේ ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයයි. එසේම, අනුරාධපුර බටහිර ඡන්ද බලප්‍රදේශය 52,075 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා. එහි දෙවන ස්ථානය දිනා ගෙන ඇති සමගි ජනබලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17,128 ක් වන අතර, ජාතික ජනබලවේගය ඡන්ද 3074 ක් සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 915 ක් ලබාගෙන තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය ද ජයගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ ඡන්ද 57,319ක් හිමිකර ගනිමින්. සමගි ජන බලවේගයට ඡන්ද 10,366ක් හිමි වී ඇති අතර ජාතික ජන බලවේගය ජන්ද 5178ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 1535ක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාශය ඡන්ද 40,864ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර, සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 12,811ක් පමණයි. ජාතික ජන බලවේගය ඡන්ද 1605ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට එහි හිමි වුණේ ඡන්ද 1520ක් පමණයි.

මින්නේරිය මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 46,632ක් හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් අතර, සමගි ජන බලවේගයට හිමි වුණේ ඡන්ද 9463ක් පමණයි. ජාතික ජන බලවේගය ඡන්ද 1948ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1577ක් ලබා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories