රනිල්ගේ මනාප ප්‍රශ්නය (වීඩියෝ)

Thursday, 06 August 2020 - 22:28

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ 5%ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන ඇද්දැයි ප්‍රශ්නයක්ව තිබියදී එම පක්ෂයේ  නීතිඥයන් පිරිසක් එහි නායක රනිල් වික්‍රමසිංහගේ මනාප ගණන් කිරීමට උත්සාහ කරන බවට සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙම ප්‍රවෘත්ති නිවේදනය  නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මැතිවරණ නීතිය ප්‍රකාරව මන්ත්‍රී අසුනකට හිමිකම් කීම සඳහා යම් කණ්ඩායමක් හෝ පක්ෂයක් 5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතු බවයි.

නමුත් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කය තුළ 5%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා නොමැති තත්ත්වයක් තුළ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ පිරිසක් මැදිහත්වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට උත්සහා ගනිමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එහි සඳහන්.

මෙම උත්සහය පිළිබඳව සමගි ජන බලවේගයේ බලවත් විරෝධය පළකරන බවත්, මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් සමගි  ජන බලවේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories