ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් හිමිකර ගනිමින් විශිෂ්ඨ ජයක් ලබයි (වීඩියෝ)

Friday, 07 August 2020 - 9:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+2%2F3+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානය 2020 මහ මැතිවරණයෙන් ආසන 151 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් හිමිකරගෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6853693ක්.

ඔවුන්ට මන්ත්‍රී ආසන 128ක් ලැබී තිබෙනවා.

ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්.

සමගි ජන බලවේගය ඡන්ද 2771984ක් ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට හිමිවූ ආසන සංඛ්‍යාව 47ක්.

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමිවුනා.

ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයේදී ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 445958ක්.

ඔවුන්ට මන්ත්‍රී ආසන 2ක් හිමිවුනා.

ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ එක් ජාතික ලැයිස්තු ආසනයක් පමණයි.

අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවන ආසන සංඛ්‍යාව 3ක්.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 327168ක් ලබාගෙන ඇති අතර හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිවුනා.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 249435ක්.

මෙවර මහ මැතිවරණයේදී ඔවුන්ට කිසිදු මන්ත්‍රී ආසනයකට හිමිකම් කීමට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී තිබෙනවා.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 67766ක් ලබාගෙන තිබෙනවා.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රසයට ද එක් ආසනයක් ලැබී තිබෙනවා.

ඔවුන්ට ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිව තිබෙනවා.

අපේ ජනබල පක්ෂය ඡන්ද 67758ක් ලබාගත් අතර එම  පක්ෂයට ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවුනා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories