කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි, තිලංග, ෆවුසි, එච් ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහව ජනතාව ප්‍රතික්ෂේප කරයි

Friday, 07 August 2020 - 9:50

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%2C+%E0%B7%86%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%92%2C+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙක් තේරී පත් වුවත් ඡන්ද අපේක්ෂකයෙකු වූ තිලංග සුමතිපාල පරාජයට පත් වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ගණන 6ක්.

මේ අතර මේවර ප්‍රතිඵලවලට අනුව ඒ එච් එම් ෆවුසි, එච් ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහ ද මැතිවරණයෙන් කොළඹ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම විශේෂත්වයක්.

ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තා.

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල පහතින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සරත් වීරසේකර -328,092
විමල් වීරවංශ - 267,084
උදය ගම්මන්පිළ -136,331
විජේදාස රාජපක්ෂ - 120,626
බන්දුල ගුණවර්ධන - 101,644
ප්‍රදීප් උඳුගොඩ - 91,958
දිනේෂ් ගුණවර්ධන - 85,287
මධුර විතානගේ - 70,205
ප්‍රේමනාත් සී දොළවත්ත - 69,055
ගාමිණී ලොකුගේ - 62,543
සුසිල් ප්‍රේම්ජයන්ත් - 50,322
ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය

සජිත් ප්‍රේමදාස - 305,744
එස් එම් මරික්කාර් - 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලී චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය

අනුර කුමාර දිසානායක - 49,814