නව අගමැති දිවුරුම් දීම ඉරිදා කැළණියේදී (වීඩියෝ)

Friday, 07 August 2020 - 14:22

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අනිද්දා දිනයේදී යළි දිවුරුම් දීමට නියමිතයි.

කැළණිය රජමහා විහාරයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නියම විජයග්‍රහණයන් උපදින්නේ අභියෝග මතින් බවයි.

එමෙන්ම, මෙම ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත්කිරීම සිය අධිෂ්ඨානය බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවති මැතිවරණයෙන් අතිවිශිෂ්ඨ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම සහ ඊට දායක වූ සියලූදෙනාට සිය පක්ෂයේ ප්‍රණාමය පුදකරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කොරෝනා වසංගතය හමුවේ ලොවම අකර්මන්‍ය වී තිබෙන කාලයකදී සියයට 70 කටත් වඩා පිරිසක් ඡන්දය පාවිච්චි කර තිබූ බව ද එහි සඳහන්.

කෙතරම් අසීරු තත්ත්වයක් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන ජනතාව පිළිබඳ සතුටුවිය යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.