කේරළයේ නායයාමකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

Friday, 07 August 2020 - 16:05

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දැඩි වර්ෂාපතනය හමුවේ ඇති වූ නායයාමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන වාර්තා වූ එම සිද්ධියේදී තවත් 12 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කේරළයේ ඉඩුක්කි දිස්ත්‍රික්කයේ රාජමාලයි ප්‍රදේශයෙන් මෙම නායයාම වාර්තා වූ අතර, මඩ සහ සුන්බුන් අතරේ සිරවූ තවත් පුද්ගලයන් සිටිය හැකි බව සඳහන්.

නායයාම සිදුවූ ප්‍රදේශයට ප්‍රවේශ වන පාලමක් ඊයේ සෝදාගෙන යාම නිසා ජිවිතාරක්ෂක මෙහෙයුම දුෂ්කරවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර, හිමාලයේ සිට පැනනැගෙන ගංගා පිටාර ගැලීම හේතුවෙන් බිහාරයේ දිස්ත්‍රික්ක 16 ක ජල ගැලීම් වාර්තා වන අතර, එහි ආපදා මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ජල ගැල්ම පුද්ගලයන් හැටනව ලක්ෂයකට බලපා ඇති බව වාර්තා වනවා.