ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ (වීඩියෝ)

Friday, 07 August 2020 - 17:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 දෙනාගේ නම් මේ වනවිට එම පක්ෂය මගින් නිකුත් කර තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්.

ඒ අනුව අදාළ අපේක්ෂකයන් 17 දෙනාගේ නම් එම පක්ෂය විසින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා.

මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, මොහොමඩ් අලි සබ්රි, නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, හිටපු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ට අයත්.