ඉන්දියාවෙන් නැවතත් දිනකදී කොරෝනා ආසාදිතයන් 61,000 ක්

Saturday, 08 August 2020 - 10:48

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+61%2C000+%E0%B6%9A%E0%B7%8A
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළදීද ඉන්දියාවෙන් කොවිඞ් 19 නව ආසාදිතයන් 61,537 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 20 ලක්ෂ 88,611 දක්වා ඉහළ යනවා.

ඊයේ දිනය තුළ වාර්තාවූ මරණ 933 ක් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 42,578 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් 14 ලක්ෂ 27,000 ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 68.32 ක් පමණ වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ඉන්දියාවයි.