නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම ජාතික ලැයිස්තු ගැසට් කිරීමෙන් පසු (වීඩියෝ)

Saturday, 08 August 2020 - 12:39

%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම, ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ලබන සතිය තුළ ගැසට් කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ තම මන්ත්‍රීවරුන් 7 දෙනාගේ නම් අද හෝ හෙට මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට අපේක්ෂා කරන බවයි සමගි ජන බලවේගය සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා ජාතික ජන බලවේගයද ප්‍රකාශ කළේ තම පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරුන්ගේ නම් අද හෝ හෙට මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මන්ත්‍රීවරුන් 17 දෙනාගේ නම් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම සියලූ‍ පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලැබීමෙන් පසු ඒවා ලබන සතියේ ගැසට් කිරීමට පියවර ගන්නා බවයි.

ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදුකිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැළණිය රජමහා විහාර පරිශ්‍රයේදී හෙට යළි දිවුරුම් දීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories