පුතුන් දෙදෙනා සසුනට පූජා කළ දඹුල්ලේ අම්මා (වීඩියෝ)

Saturday, 08 August 2020 - 13:46

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උපතින්ම උරුම කරගත් දරිද්‍රතාවය නිසා තම දරු දෙදෙනා සසුනට පුජා කළ මවක් පිලිබඳව අපට කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා වුණා

මේ කණ්ඩලම ප්‍රදේශයේ ජීවත්වන වයි.එම් දිස්නා කුමාරි මාතාව.

තම ඇස් දෙකවන් තම පුතුන් දෙදෙනා සසුන් ගත කරන්නට ඇයට සිදුවන්නේ පවුලේ ඇති නිමක් නොවන අඟහිඟකම් හේතුවෙන්.

වයස අවුරුදු 7 දී සසුනට පුජා කළ දරුවන් දෙදෙනා දැන් කුරුණැගල සහ දඹුල්ල ප්‍රදේශන්හි විහාරස්ථානවල වැඩ වාසය කරනවා.

විරාමයක් ලද විගස තම මව බැහැදකින්නට මේ ස්වාමීන් වහන්සේ දෙනම අමතක කරන්නේ නැහැ.

කුඩා කාලයේ සිටම විඳි දුෂ්කරතා විවාහයෙන් පසුව යම්තාක් දුරට හෝ අඩුවේයැයි බලාපොරොත්තු වුවද අවසානයේ එයද ඇයට උරුම කළේ දුක්බර ශෝකාන්තයක්ම පමණයි.

අවසානයේ තම පුතුන් දෙදෙනා සසුනට පුජා කරන්නට කටයුතු කළ මේ මව, දහසකුත් බාධක මැද තම දියණිය රැක බලා ගන්නට කටයුතු කරන්නේ ඉඳහිට ලැබෙන කුලී රස්සාවෙන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories