ගාලුපාරේ, කහව - තෙල්වත්ත අතර ගමනාගමනයට බාධා (වීඩියෝ)

Saturday, 08 August 2020 - 15:47

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B7%84%E0%B7%80+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව - තෙල්වත්ත අතර ප්‍රදේශයේ මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය ගොඩබිමට ඒමත් සමඟ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.

අද පෙරවරුවේ මුහුදු වැලිවලින් මාර්ගය වැසී යාමත් සමඟ මෙලෙස මාර්ගයේ ගමනාගමනය අවහිර වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව  මාර්ගයේ වැලි ඉවත් කර යළි ගමනාගමනයට ඉඩ සැලසීම සඳහා කටයුතු යොදා ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories