කොරෝනා ආසාදනය වූ බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සුවය ලබයි

Saturday, 08 August 2020 - 17:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B7%82%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර නැණවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිනමා නළු අභිෂේක් බච්චන් දැන් පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඒ, ඔහුට සිදුකළ නවතම කොවිඩ්-19 පරීක්ෂාවේදී ඍණ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමත් සමඟයි.

අභිෂේක් බච්චන් මෙන්ම ඔහුගේ පියා වන අමිතාබ් බච්චන්, බිරිඳ ඓශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යාටද කොරෝනා ආසාදනය වූ අතර, ඔවුන් මේ වනවිට සුවය ලබා රෝහලෙන් නික්මී ගොස් අවසන්.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසි ලක්ෂය ඉක්මවා ඇති අතර, පසුගිය දින 04 තුළම ඇමරිකාව සහ බ්‍රසීලයට වඩා නව ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වුණා.

එරට කොරෝනා මරණ සංඛ්‍යාවද මේ වනවිට 42,000 ඉක්මවා තිබෙනවා.