සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීම ගැන මනෝගෙන් ට්වීටර් පණිවුඩයක් (වීඩියෝ)

Saturday, 08 August 2020 - 20:32

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඒ සඳහා වන නියෝජිතයා නම් කර තිබෙනවා.

ඒ අනුව සෙල්වරාසා ගජේන්ද්‍රන් එම මන්ත්‍රී ධුරය සඳහා නම් කරන බවයි එහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ.

මහමැතිවරණයේදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඡන්ද 67,766 ක් ලබා ගත් අතර, එහිදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ අතර, අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට එම පක්ෂය සාකච්ඡා කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් ජාතික ලැයිස්තුවෙහි ඇතුළත් නොවන අතර, මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමට උන්වහන්සේ ලබාදුන් නාම යෝජනාව ද ප්‍රතික්ෂේප වුණා.

එලෙස ජාතික ලැයිස්තුවෙහි නම ඇතුළත් නොවන සහ මහමැතිවරණයට තරඟ නොකළ අයෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම සම්බනධයෙන් විමසීම සඳහා එම පක්ෂයේ කණ්ඩායමක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද හමුවූ බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, සමගි ජනබලවේගය සඳහා ද මෙවර මහමැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 ක් හිමිවූ අතර, එම ලැයිස්තුව අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක මනෝ ගනේෂන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂවල නායකයින් සියලුදෙනා සමගි ජනබලවේගයේ නායකයා සමග සාකච්ඡා කර එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජනබලවේගයට ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් හිමිවූ අතර එම නම් ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.