පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි (වීඩියෝ)

Sunday, 09 August 2020 - 6:30

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලූ සෙසු සාමාජිකයන්ගේ අත්සනින් යුතුවයි.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තියට අනුව මෙම මන්ත්‍රීවරුන් 196 දෙනා මහජන ඡන්දයෙන් තේරී පත්වූ බවයි මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කර ඇත්තේ.

තවත් මන්ත්‍රිවරුන් 29 දෙනෙකු ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද අනුපාතය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් ලෙස බෙදී යනවා.

ඒ අනුව පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක් හිමිවූ අතර, ඔවුන් මේ වනවිටත් සිය ජාතික ලැයිස්තුව නම් කර අවසන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories