බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි - ආසාදිතයන් තිස් ලක්ෂයක්

Sunday, 09 August 2020 - 8:17

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂය ඉක්මවූවා. එමෙන්ම එරට ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට තිස්ලක්ෂ 13,000 ඉක්මවා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම පීඩාවට ලක්වූ රට වන බ්‍රසීලයේ ආසාදිතයන් සහ මරණ ඉහළ යාමට සැළසුමකින් තොරව රට යළි විවෘත කිරීම හේතුවී ඇති බව සඳහන්.

විශේෂයෙන් කොරෝනා වෛරසය සුළු ප්‍රතිශ්‍යාවක් ලෙස නොසළකා හරින ජනාධිපති ජයිර් බොල්සනාරෝගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග බ්‍රසීලය කොරෝනා වෛරසයේ ගොදුරක් වීමට හේතුවී ඇති බව බහුතර මතයයි.

පසුගිය පෙබරවාරි මාසයේ අවසානයේ පළමු කොරෝනා රෝගියා වාර්තාවූ බ්‍රසීලයේ කොරෝනා මරණ 50,000 වාර්තා කිරීමට මාස තුනක් ගතවුවද දෙවන පනස්දහස වාර්තාවී ඇත්තේ දින පනහකින්.