උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

Sunday, 09 August 2020 - 8:25

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කන්කසන්තුරේ සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ ශ්‍රී දේවි නගරාන්තර දුම්රියේ මාන්කුලම සහ පුලියන්කුලම අතරදී වන අලියෙකු අද අලූයම 3.45 ට පමණ ගැටී ඇති බවයි.

මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

දුම්රියේ ගැටුණු වන අලියා මියගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories