නව රජයේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ (වීඩියෝ සහ ඡායාරූප)

Sunday, 09 August 2020 - 9:15

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29


නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ කැළණිය රජමහා විහාරස්ථානයේදී දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා මහා සංඝ රත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටින බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

දිවුරුම්දීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණීමට නියමිතයි.

මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්.

එම ඡන්ද සංඛ්‍යාව පන් ලක්ෂ 27,364 ක්.

අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ සජීවි විකාශය හිරු ටී.වී. ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.





 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories