ඉන්දියාවේ කොරෝනා රෝගීන් රැඳවූ හෝටලයක ගින්නකින් 9ක් මරුට

Sunday, 09 August 2020 - 9:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 98 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 29,000 කට අධිකයි.

ඒ අතුරින් ආසාදිතයන් 51 ලක්ෂ 49,000 ක් සහ මරණ එක්ලක්ෂ 65,000 ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාවද ඊයේ වනවිට ලක්ෂය ඉක්මවූ අතර, එරට ආසාදිත සංඛ්‍යාව 30 ලක්ෂයකට අධිකයි.

එමෙන්ම අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 64,399 ක් වාර්තාවූ අතර, එය ඉන්දියාවෙන් මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම නව ආසාදිත සංඛ්‍යාවයි.  

ඒ අනුව එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 ලක්ෂ 53,000 ඉක්මවනවා. ඊයේ දිනය තුළ වාර්තාවූ කොරෝනා මරණ 861 ක් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 43,379  දක්වා ඉහළ යනවා.

මේ අතර පසුගිය මාර්තු 19 වනදා සිට සිය දේශසීමා වසා දමමින් සිදු කෙරුණු කාර්යක්ෂම ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා වෛරසය සාර්ථක ලෙස පාලනය කළ නවසීලන්තය කොවිඩ් 19  සමාජ සම්ප්‍රේෂණයෙන් තොර දින 100 අද සම්පූර්ණ කරනවා.

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු තවදුරටත් සිටින නමුදු ඔවුන් සියලූදෙනාම දේශසීමාවේදී ආසාදිතයන් ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක්වන පුද්ගලයන්.

නවසීලන්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසයේ සමාජ සම්ප්‍රේෂණයෙන් තොර දින 100ක් සම්පූර්ණ කිරීම වැදගත් සන්ධිස්ථානයක් වන නමුදු එමඟින් තෘප්තිමත් නොවිය යුතු බවයි.

කොරෝනා වෛරසය පාලනය කළ වෙනත් රටවල එය නැවත පැන නැගී සීග්‍රයෙන් ව්‍යාප්තවූ ආකාරය අමතක නොකළ යුතු අතර, එවැනි තත්ත්වයක් වැළැක්වීමට නවසීලන්තය කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

නවසීලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,569 ක් වන අතර, එරට කොරෝනා මරණ 22 ක්ද සිදුව තිබෙනවා.

එහෙත් පසුගිය මැයි 1 වනදාට පසු නවසීලන්තයෙන් සමාජ ආශ්‍රිත කොරෝනා ආසාදිතයෙකු  වාර්තාවී නැහැ.

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විජයවාඩා හි කොවිඩ් 19 ආසාදිතයන් රඳවා ඇති හෝටලයක අද අලූයම හටගත් ගින්නකින් පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් විසිදෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති අතර, ඔවුන් අතුරෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ස්වර්ණා පැලස් නැමති මෙම හෝටලය ආන්ද්‍ර ප්‍රදේශ් රෝහලක් මගින් කොවිඞ් 19 ආසාදිතයන් රඳවාතැබීම සඳහා යොදාගනු ලැබූවක්.

ගින්න හටගන්නා අවස්ථාවේ එහි කොරෝනා රෝගීන් 30 කට වැඩි සංඛ්‍යාවක් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

පසුගිය 6 වනදා ගුජරාටයේ අහමදාබාද් හි කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ හටගත් ගින්නකින් ද පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories