නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන 12 වනදා මහනුවර මගුල් මඩුවේදී

Sunday, 09 August 2020 - 10:26

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+12+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
නව රජයේ අමාත්‍ය මණ්ඩලය එළඹෙන 12 වනදා මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝ විට නව අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍ය ධුර 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකට සීමාවනු ඇති බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඊට සාපේක්ෂව නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහාද මන්ත්‍රීවරුන් නම් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම අත්දැකීම් සහ වෘත්තිය පසුබිමද විෂය පථයන් ලබාදීමේදී අවධානයට යොමුවනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories