ටී.එන්.ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය නම් කෙරේ

Sunday, 09 August 2020 - 13:08

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි එක් එක් පක්ෂ සඳහා හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සාමාජිකයින් නම් කලද සෙසු පක්ෂ මෙතෙක් එම මන්ත්‍රීධූර සඳහා සාමාජිකයින් නම් කර නැහැ.  

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක්, සමගි ජනබලවේගයට ජාතික මන්ත්‍රිධූර 07ක් මෙන්ම ජාතික ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, අපේ ජනබල පක්ෂය, ඉලංගෙයි තමිල් අරසුපක්ෂය, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය බැගින් හිමිවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පසුගිය 07 වැනිදා නම් කළ අතර  අද දිනයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නම් කලේ තවරාසා කලෙයිඅරසන් වයි.

ඊයේ දිනයේ රැස්වී ඔවුන් මෙම තීරණයගත් පත් එම්.ඒ.සුමන්දිරන් සදහන් කළේ.

කෙසේ වෙතත්, සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 07 පිළිබදව අවසන් තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග හෙට පැවත්වෙන රැස්වීමේදි තීරණය කිරීමට නියමිත බවයි එහි ජාතික ලැයිස්තු අපේක්ෂක තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන සියලූ පක්ෂ අදාල සාකච්ජාවට සහභාගි වීමට නියමිත අතර එහිදි තෝරා පත් කර ගන්නා සාමාජිකයින් මැතිවරණ කොමිසමට දැනුම් දීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 කෙසේ වෙතත්, මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වු කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේ‍්‍රමදාස ඊයේ ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගය ද තමන්ට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණය ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයෙදි අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පක්ෂ කාර්යාලය සදහන් කළා.

මේ අතර මෙවර මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය පමණක් හිමිවු එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට හිමිවු එම මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත්කරන්නේ යන්න පිළිබද සාකච්ජා කිරීමට හෙට සිරිකොත පක්ෂ මුලස්ථානයේදි රැස්වීමට නියමිතයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 සාකච්ජාව පැවත්වෙනවා.

මේ අතර මැතිවරණයේ ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක්  මේ වන විට පැවත්වෙන්නේ කොළඹ පිහිිටි එම පක්ෂ කාර්යාලයේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories