ලෙබනන් ආධාර සමුළුව අද

Sunday, 09 August 2020 - 13:19

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
දැවැන්ත පිපිරුමකින් ඉමහත් හානියක් සිදුවූ ලෙබනනයට ආධාර කිරීමේ ජාත්‍යන්තර සමුළුවක් අද පැවැත්වෙනවා.

ප්‍රංශය සහ එක්සත් ජාතින් සංවිධාන කරන මෙම අතත්‍ය සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද ඊට එක්වීමට නියමිතයි.

ලෙබනනයේ බේරූට් නුවර ගබඩා කර තිබූ ටොන් 2750 ක ඇමෝනියම් නයිටේ්‍රට් තොගයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 158 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 5,000 කට අධික පිරිසක් තුවාල ලබා තවත් තුන්ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වුණා.

එමගින් සිදුවූ ආර්ථික හානිය ඩොලර් බිලියන 15 ඉක්මවන බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories