අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට

Sunday, 09 August 2020 - 16:17

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මේ බව සඳහන් කළා.

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 සඳහා මේ වන විටත් සාමාජිකයින් නම් කර අවසන් අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී තවරාසා කලෙයිඅරසන් අද නම් කෙරුණා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා.

මෙවර මැතිවරණයට තරඟ කොට නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජයේ ඉදිරි වැඩපිළිවෙල සඳහා සහය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.