අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනී (ඡායාරූප)

Sunday, 09 August 2020 - 17:24

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
9 වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය විසින් ආශිර්වාද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පිරිවෙනාධිපති කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා.

ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ නාරාහේන්පිට අභයරාමයට සහ බෙල්ලන්විල රජමහාවිහාරයට මෙන්ම පැපිලියාන සුනේතා දේවි මහා පිරිවෙන වෙත පැමිණ ආශිර්වාද ලබා ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දීවුරුම් දීමට නියමිතව  තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories