පොළොන්නරුව - අරලගංවිල - බෝගස්හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් උපකාරක පන්ති සඳහා සහභාගිව පා ගමනින් ගමන් කරමින් සිටි ළමයින් පිරිසකගේ ගැටී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 4 දෙනෙකු පොළොන්නරුව රෝහලටත්, 6 දෙනෙකු අරලගංවිල රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16ක් වයසැති රත්මල්තැන්න, එච් කොටසේ පදිංචිකරුවෙක්.
අනතුරෙන් තුවාල ලැබූ අනෙක් ළමයින් අවුරුදු 14ත්, 16ත් අතර වයස්වල පසුවනවා.
දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට මෙම කැබ් රථය ධාවනය වී ඇති අතර, එහි රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

Follow US
Most Viewed Stories