භාණ්ඩ 101ක් ආනයනය නතර කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සැරසේ

Sunday, 09 August 2020 - 18:02

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+101%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ආත්ම නිර්භාර් භාරත් නම් වැඩසටහන යටතේ භාණ්ඩ 101ක් ආනයනය කිරීම නතර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය රාජ්නාත් සිං පවසනවා.

 ඒ අනුව දේශීය කර්මාන්ත සඳහා ඉදිරි වසර 6 හෝ 7 තුළ ඩොලර් මිලියන 4කට ආසන්න කොන්ත්‍රාත් ලැබෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

 2020 සහ 2024 කාලය තුළ අදාළ සම්බාධක පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 කාලතුවක්කු, ප්‍රහාරක රයිෆල්, සැහැල්ලු සටන් හෙලිකොප්ටර්, රේඩාර් ඇතුළු උසස් තාක්ෂණික ආයුධ පද්ධති මෙලෙස ආනයනය තහනම් කෙරෙන ලැයිස්තුවට ඇතුළත් බවයි අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත්තේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories