තවත් ලෝක නායකයින් රැසකගෙන් අගමැතිට සුබ පැතුම් (වීඩියෝ)

Sunday, 09 August 2020 - 19:32

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ ධුරයේ දිවුරුම් දීමෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විවිධ සැමරුම් පවත්වනු ලැබුවා.

හිරු වාර්තාකරුවන් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමත් සමඟ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නංවමින් ඔවුන් අභිනව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ජය සැමරූ බවයි.

හම්බන්තොට, මුල්කිරිගල, අනුරාධපුර, අම්බලන්ගොඩ, මොරටුව, පිටකොටුව, සහ අත්තනගල්ල ඇතුළු  ප්‍රදේශ රැසක සැමරුම් සිදුකර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුරෝපා ශාඛා එකමුතුව සංවිධානය කළ ජය සැමරුමක් ද ඉතාලියේ මිලානෝ නුවර දී පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සහ අභිනව අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂට තවත් ලෝක නායකයින් රැසක් අදත් සුබ පැතුම් එක් කර තිබෙනවා.

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් සතුට පළ කළා.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය සහ ද්වි පාර්ශවික සබඳතා පිළිබඳ සිහිපත් කළ රුසියානු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී වෙළඳ, ආර්ථික සහ මානුෂීය අංශයන් හි දෙරටටම වැදගත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද අදාළ සුබ පැතුම් පණිවුඩයේ දක්වා තිබෙනවා.

එමෙන්ම, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා සුබ පැතුම් එක් කළා.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ඇය, බංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස ආරාධනයක් ද සිදුකර තිබෙනවා.

මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වන බවයි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

පලස්තීනය ජනාධිපති මොහොමඩ් අබ්බාස් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ අගය කරමින් පලස්තීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන සබදතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග ප්‍රදේශ රැසක විවිධ සැමරුම් පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුරෝපා ශාඛා එකමුතුව සංවිධාන කළ ජය සැමරුම් උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලාන් නුවරදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories