සජිත්ට සහය දුන් පක්ෂ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ඉල්ලයි - රනිල් ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තුවට පිවිසීම ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

Sunday, 09 August 2020 - 19:42

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට සහය දැක්වූ සෙසු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ඉල්ලා ඇති බවට වාර්තා පළ වනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයේදී එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය 5 වන දා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමි වුණා.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ කියා සිටියේ මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වු කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි.

කෙසේ වෙතත්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ තම පක්ෂය ඇතුළු සමගි ජන බලවේගයට සහය දැක්වූ සෙසු පක්ෂවලට එක් ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරය බැගින් ලබා දිය යුතු බවයි.

මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ට පත් කෙරෙන පුද්ගලයින් පිළිබද අවසන් තීරණයක් ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියා.

මනෝ ගනේෂන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සිය යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් කරන බවයි.

එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම ප්‍රතික්ෂේප කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධුරය සඳහා ඉදිරිපත් කරන්නේ කවුරුන් ද යන්න පිළිබදව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කොට හෙට දැනුම්දීමට නියමිත බව ද එම ප්‍රකාශකයා කියා සිටියා.

එමෙන්ම, ජාතික ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ගේ මෙහෙයුම් කමිටුව හෙට රැස්වීමට නියමිතයි.