ලෙබනනයේ තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

Sunday, 09 August 2020 - 20:05

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුද්ගලයන් 158 දෙනෙකුට මරු කැදවමින් තවත් 5000කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ලෙබනනයේ බීරුට් හි සිදුවූ පිපිරීමෙන් පසු එරට තොරතුරු අමාත්‍ය මානෙල් අබ්දුල් සමාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

තම අසමත්වීම සම්බන්ධයෙන් ඇය ලෙබනන වැසියන්ගෙන් සමාව අයැද ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, දැවැන්ත පිපිරුමකින් හානි සිදුවූ ලෙබනනයට ආධාර කිරීමේ ජාත්‍යන්තර සමුළුවක් අද පැවැත්වෙනවා.

ප්‍රංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව සිදු කරන මෙම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්ද ඊට එක්වීමට නියමිතයි.

අදාළ පිපිරීමෙන් සිදුවූ ආර්ථික හානිය ඩොලර් බිලියන 15 ඉක්මවන බවට තක්සේරු කර තිබෙනවා.