මත්ද්‍රව්‍ය සමඟ පැවති ෆේස්බුක් සාදයක් හොරණදී වටලයි (වීඩියෝ)

Sunday, 09 August 2020 - 20:44

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හොරණ - මිල්ලනිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.

රුපියල් 5000ක ප්‍රවේශ ගාස්තුවක් ගෙවා අදාළ සාදය සඳහා සහභාගි වී ඇති මෙම තරුණ තරුණියන් සතුව හෙරොයින්, කේරළ ගංජා සහ විදේශ මත්පැන් ද තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම සාදය ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ අයද වනවා.

මොවුන් නිරෝධානයනය සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතයි.