මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි - මෙට්‍රික් ටොන් 28ක ඇඟලුම් ඇමරිකාවට (වීඩියෝ)

Sunday, 09 August 2020 - 21:15

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+28%E0%B6%9A+%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ අනුව එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද පස්වරු 4.30ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

අදාළ ගුවන් යානයෙන් ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 428 දෙනෙකුද මෙරට පැමිණ තිබුණේ ලොවපුරා කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේයි.

අනතරුව මෙට්‍රික් ටොන් 28ක ඇඟලුම් ගුවන් යානයේ ඇසුරුම් කිරීම මේ වනවිට සිදුවන අතර, ගුවන් යානය පස්වරු 7.30ට ඇමරිකාව බලා පියාසර කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තවට අනුව 2019 වසරේ අමෙරිකානු එක්සත් ජනපදය වෙත ඇඟලුම් අපනයනයෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2338ක්.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන්නේ ද අමෙරිකා එක්සත් ජනපදයයි.

ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම මත්තලට පැමිණීමත් සමඟ ලොව නම් දාරා ඇති අනෙකුත් ගුවන් සමාගම්වල අවධානයද මත්තල ගුවන් තොටුපොළ කෙරෙහි යොමුවනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

2013 මාර්තු 18 වැනිදා විවෘත කෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.

වසර 5කට ආසන්න කාලයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මෙහෙයුම් කටයුතු අක්‍රීයව පැවැති අතර පසුගිය යහපාලන රජය සමයේ එහි වී ගබඩා කිරීම මහත් ආන්දෝලනයට ද ලක්වුණා.