ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 20 ඉක්මවයි

Monday, 10 August 2020 - 6:33

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+20+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් ඊයේ රාත්‍රියේ මෙල්බන් නුවර සිට මත්තල ගුවන් තොටුපල වෙත පැමිණියා. මොවුන් පී.සී.ආර්. පරික්ෂණ සඳහා ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබෙනවා.

චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් මත්තලට පැමිණියේ නෞකා කාර්ය මණ්ඩල හුවමාරුවක් සඳහායි. ඒ අනුව ශ්‍රී ලංකාවට නාවිකයන් 11 දෙනෙකු පැමිණ තිබුණා.

එමෙන්ම අද අලුයම කටාර් සහ ජපානයේ නරිටා හි සිට තවත් ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.  

නරිටා හි සිට 148 දෙනෙකු සහ කටාර් සිට 28 දෙනෙකු මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි දෙක ඉක්මවා තිබෙනවා. ලොව පුරා ආසාදිතයන් දෙකෝටි 16,302 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හත්ලක්ෂ 33,592 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවනවා. දෛනික මරණ 1,013ක් සමඟ එරට මුළු මරණ සංඛ්‍යාව 44,466 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දෛනික ආසාදිතයන් 62,117 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ විසි දෙලක්ෂ 14,137 ක් ලෙසයි.

ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 65,608ක් ලෙස සටහන් වන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 51 ලක්ෂ 99,431ක් ලෙස දැක්වෙනවා.

බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 1,136ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ 30 ලක්ෂ 35,582 ක් ලෙසයි.