සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටී හෝටල් සේවකයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Monday, 10 August 2020 - 7:09

%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වැලිගම, පැලෑන ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට තිබෙනවා.

වැලිගම අප වාර්තාකරු පැවසුවේ ඊයේ (09) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක්.
 
වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පෙරේදා (08) දින හෝකන්දර ප්‍රදේශයේ සිට පිරිසක් පැමිණ ඇති  අතර එම පිරිස ඊයේ (09) පස්වරුවේ නැවත හෝටලයෙන් පිටව යාමට සූදානම්ව සිට තිබෙනවා.

එහිදී හෝටලයේ සේවකයෙකු විසින් අදාළ පිරිස පැමිණි මෝටර් රථය හෝටලයට අයත් රථගාලේ සිට ගෙනවිත් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෝටල් සේවකයා විසින් අදාළ සුඛෝපභෝගී  මෝටර් රථය පැලෑන ගංඟාරාම මාර්ගයේ පිහිටි හෝටලයට අයත් රථගාලේ සිට රැගෙන එමින් සිටියදී එය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරන අවස්ථාවේ රථය දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.  

මෝටර් රථය පැදවූ රියදුරාගේ නොසැලකිලිමත්කම අනතුරට හේතු වී ඇති බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන්  වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.

 



ඡායාරූප - වැලිගම - තරංග ගුණරත්න