කොටහේනේ මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවෙයි - සියදිවි නසාගත්තාදැයි සැක

Monday, 10 August 2020 - 7:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
කොටහේන අලුත්මාවත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ ලද තොරතුරක් මත ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ පොලීසිය මෙය සිය දිවි නසාගැනීමක් බවට සැක පළ කරනවා.

මියගිය පුද්ගලයාගේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

ඔහු කොටහේන ප්‍රදේශයට යාබද පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.