ට්‍රම්ප්ට එරෙහි චීන සයිබර් ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්

Monday, 10 August 2020 - 11:34

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් චීනය සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කර ඇති බව ඇමරිකාව චෝදනා කරනවා.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක රොබටෝ ඕ බ්‍රයන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණය ඉලක්ක කර සැළසුම් සකස් කර ඇති තාක්ෂනික පද්ධතියට චීනයේ බීජිං නුවර සිට මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කිරීමේ අරමුණින් චීන රජය මෙම සැළසුම ක්‍රියාත්මක කරනු ඇති බවද ඔහු පවසනවා.

කෙසේ වෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.