බන්ධනාගාරයේ සිට මෙහෙයවූ තවත් කුඩු ජාවාරමක සුළමුල හෙළිවේ - තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 10 August 2020 - 12:57

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඝාතන සිද්ධියකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාර ගතව සිටින කුඩු රාජා නැමැත්තාගේ අනියම් පෙම්වතිය ඇතුළු තිදෙනෙකු හෝමාගම, උඩුවන, ප්‍රගති මාවතේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ ලද තොරතුරකට කළ සිදුකළ වැටලීමකදී සැකකාරිය සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 35 යි මිලිග්‍රෑම් 640ක් සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා මෙම කාන්තාව හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයේ රියදුරු සහ හෙරොයින් බෙදාහැරීම සඳහා සහයදුන් පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඇයගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වූ කරුණු මත රුපියල් 30,000ක මුදලකට කුලී පදනම මත හෝමාගම ප්‍රදේශයේ නිවසක් මිලදී ගෙන මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර එම නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 440ක් සහ රුපියල් එක්ලක්ෂ 70,600ක මුදලක් මෙන්ම ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ඒ, නිල සුනඛයින් යොදාගෙන නිවස පරීක්ෂා කළ අවස්ථාවේදියි. අත්අඩංගුවට ගත් කාන්තාව මේ වනවිට විවාහයෙන් දික්කසාද වී සිටින අතර ඔහු ද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින අයෙකු බවයි වාර්තා වන්නේ.

දැනට බන්ධනාගාරගතව සිටින කුඩු රාජාගේ අනුදැනුම මත කළක සිට අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අදාළ කාන්තාවගේ වයස අවුරුදු 24ක්.

අනෙක් දෙදෙනා අවුරුදු 23 සහ 43 යන වයස්වල පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories