වන අලි ප්‍රහාරයකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට

Monday, 10 August 2020 - 13:00

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ආනමඩුව - මහකුබුක්කඩවල - කොහොඹගස් වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව මියෙගාස් තිබෙනවා.

මෙම පුද්ගලයා අද අලුයම රැකියාවට යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක්දරු පියෙක්.

එමෙන්ම වන අලි ප්‍රහාරයට ලක්ව මෙම පුද්ගලයා මියගිය ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් පෙරවරුවේ විරෝධතාවයක ද නිරත වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මාස කිහිපයක් ඇතුළත ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයන්ට ලක්ව හය දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මේ අතර, කුරුණෑගල මහව - අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්ගමුව, අබකොළ වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක වගාබිම් රැසක් වන අලි විනාශ කර ඇති බවට ගොවීන් චෝදනා කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories