කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම තහනම් (වීඩියෝ)

Monday, 10 August 2020 - 13:29

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කුරුණෑගල බුවනක හෝටල් ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධියට අදාළව, කුරුණෑගල නගරාධිපතිවරයාට සහ අනෙක් සැකකරුවන්ට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම හේතුවෙන්, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති, කුරුණෑගල පොලිස් අධිකාරි හරහා මෙම නැවත වරෙන්තු නිකුත් කර ඇති අතර, කුරුණෑගල නගරාධිපතිවරයාට ඇතුළු සැකකරුවන්ට රටින් පිටවීම වැළක්වීමේ නියෝගයක්ද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබෙනවා.

මේ අතර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පිරිස එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් පිරිස සොයා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය මස 15 වැනිදා රාත්‍රීයේ ඩෝසර් කර තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාගේ සභාපතීත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් ද පත් කෙරුණා.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියාදා වැඩබලන පොලිස්පතිවරයාට කර තිබූ නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊට අදාළව වරෙන්තු නිකුත් කළා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එලෙස වරෙන්තු නිකුත් වූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා, විදුලි ඉංජිනේරුවරයා, බැකෝ යන්ත්‍ර රියදුරා සහ කුරුණෑගල මහ නගර සභාවේ වැඩ පාලකවරයා මේ වනවිට එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරිමත් සමඟ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඔවුන් රැඳී සිටින බවට තොරුතුරු ලැබී ඇති කුරුණෑගල ප්‍රදේශයේ සියලු ස්ථානවල ඔවුන් නොසිටි බවයි.

කෙසේවෙතත්, කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අද දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ අධිකරණය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories