කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු මෙරටින් වාර්තාවෙයි

Monday, 10 August 2020 - 19:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2867 දක්වා ඉහලට.

ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවටයි තොරතුරු වර්තාවන්නේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2593 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනුයේ තවත් පුද්ගලයින් 263 දෙනෙකු පමණයි.