ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්

Tuesday, 11 August 2020 - 8:32

%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ මාධ්‍ය හමුවට එක්වෙමින් සිටියදී ධවල මන්දිරය පිටත වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ධවල මන්දිරය ආසන්නයට පැමිණි සන්නද්ධ පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා මෙල්ල කළ බවයි මූලික වාර්තා සඳහන් කළේ.

එම සිද්ධියත් සමඟ මාධ්‍ය හමුව පැවති ස්ථානයට පැමිණි ඇමරිකානු ඔත්තු සේවා නියෝජිතයන් ජනපති ට්‍රම්ප් සහ අනෙකුත් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියා.

ඉන් සුළු වේලාවකට පසු නැවතත් මාධ්‍ය හමුවට පැමිණි ජනපති ට්‍රම්ප් කියා සිටියේ ධවල මන්දිරය පිටත වෙඩි තැබීමක් සිදුව ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය පිළිබදව තමන් නොදන්නා බවයි.