ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ තවත් ඉහළට

Tuesday, 11 August 2020 - 11:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 53,601 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසි දෙලක්ෂ 68,675 ඉක්ම වනවා.

එමෙන්ම, ඊයේ වාර්තා වූ මරණ 871ක් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 45,257 දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදිතයින් පහලොස් ලක්ෂ 83,489ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 70කට ආසන්න බවයි.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර, ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කර්ණාටක සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින්.