රුසියානු කොවිඩ් 19 එන්නත අත්හදා බලන්න පිලිපීනය සූදානම්

Tuesday, 11 August 2020 - 13:52

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රුසියාව මගින් සංවර්ධනය කර ඇති කොරෝනා වෛරස් එන්නත අත්හදා බැලීමේ කටයුතුවලට එක්වීමට සූදානම් බව පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරේට් ප්‍රකාශ කළා.

රුසියානු කොවිඩ් 19 එන්නත සඳහා මේ මාසය තුළ නියාමන අනුමැතිය ලබා ගත හැකි බවයි ප්‍රකාශ වී ඇත්තේ.

එමෙන්ම, එය අත්හදා බැලීම සඳහා පිලිපීනයට ලබාදීමට හෝ එරට දී එරට දේශීය සමාගමක් හා එක්ව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට ද රුසියාව එකඟ වී තිබෙනවා.

ජනාධිපති ඩුටරේට් වැඩිදුරටත් කියා සිටියේ රුසියානු කොවිඞ් නයින්ටීන් එන්නත නොමිළේ තම රටට ලැබෙන ඇතැයි අපේක්ෂා කරන අතර, එය පළමුව තමාට එන්නත් කළ හැකි බවයි.

ආසියාකරයේ කොරෝනා වෛරසය විශාල වශයෙන් ව්‍යාප්ත වූ රටක් වන පිලිපීනයේ ආසාදිත සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 36,000 ඉක්ම වන අතර, කොරෝනා මරණ 2294ක් ද වාර්තා වනවා.