ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ නිපද වූ බව ජනපති පුටින් කියයි

Tuesday, 11 August 2020 - 14:50

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝකයේ පළමු වරට නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නත සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදුන් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

මොස්කව් අගනුවර පිහිටි ගැමලෙයා ආයතනය විසින් මෙම එන්නත වැඩිදියුණු කර ඇති අතර, මාස 2 කට ආසන්න කාලයක් එය මිනිසුන් යොදා ගෙන පරීක්ෂාවට ලක් කළ බවයි රුසියානු ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීමත් සමග එය මහා පරිමාණ වශයෙන් එන්නත් කිරීමට සහ එහි සුරක්ෂිතතාව හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අවසන් අදියරේ සායනික පෙරහුරු සිදුකිරිමට හැකිවනවා.

මෙම එන්නත මුල් වරට ලබා දුන් අය අතර රුසියානු ජනාධිපතිවරයාගේ දියණිය ද සිටින බව සිටින බව සඳහන්.