තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවෙයි

Tuesday, 11 August 2020 - 15:36

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් ආසාදිතයින් හතරදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,875 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ආසාදිතයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ නිරෝධායනය සඳහා යොමුකළ පුද්ගලයින් බවයි.

වෛරසය ආසාදනය වූ 2,622 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 242 කු පමණයි.