තරුණියක මුදා ගැනීමට ගිය තරුණයෙකු බොල්ගොඩ ගඟේ ගිලී අතුරුදන් (වීඩියෝ)

Tuesday, 11 August 2020 - 15:44

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසලින් බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගැනීමට ගිය තරුණියක්, ගඟට පැන මුදා ගැනීම සඳහා උත්සාහ කළ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අද පෙරවරු 11 ට පමණ මෙම තරුණිය ගඟට පැන ඇති අතර, දියේ ගිලුණු තරුණිය ගම්වාසීන් විසින් බේරා ගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

29 හැවිරිදි අතුරුදන් වූ තරුණයා බණ්ඩාරගම - වැල්ලන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වනවිට පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින කැඳවා අතුරුදන් වූ තරුණයා සෙවීමේ කටයුතු වල නිරත වන අතර, බණ්ඩාරගම පොලිීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.